eBook ලියනගේ අමරකීර්ති õ õ අටවක පුත්තු eBook ¶

'අටවක පුත්තු' ආදර කථාවක්ද? රහස් පරීක්ෂක නවකතාවක්ද? කල වයස එලඹීම පිළිබඳ කතාවක්ද? හුදෙක් ව්ශ්වවිද්‍යාල නවකතාවක්ද? දළ වශයෙන් දශක හතරක 1956 1996 කාලයක දිවෙන බිහිසුණු දේශපාලන නවකතාවක්ද?දේශපාලන වශයෙන් ව්‍යාකූල වූ සංස්කෘතියක් වශයෙන් ජරාජීර්ණ සමාජයක තම නැති වූ අහිංසකත්වය ලබා ගැනීමට තැත් කරන තරුණයෙකුගේ ආත්ම කතාවක්ද? නොඑසේ නම් අභ්‍යන්තරික සහ සමාජීය පරිපූර්ණත්වය සොයා නොනවතින අරගලයක යෙදෙන පරම්පරාවක සාමූහික කතාවද?'අටවක පුත්තු' කියවන පාඨකයා තුළ මෙවැනි ප්‍රශ්න ඇතිවීම නොවැලැක්විය හැකිය


10 thoughts on “අටවක පුත්තු

  1. says:

    ලියනගේ අමර්කීර්ති මහතාගේ තවත් විශිෂ්ට වූ කෘතියකිඑතුමාගේ පරිකල්පන ශක්තිය මැනවින් විදහාපාන්නා වූ කෘතියකිසමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ මෙය රචනා වී තිබේචරිත නිරූපණය ප්‍රශස්ත සිදුකිරීම කතාවේ ගලායාමට බෙහෙවින් හේතු වී තිබෙන බව හැගේභාශා භාවිතයද විශිෂ්ට වන අතර පාඨක සිත් නිරතුරුවම කුතුහලයෙන් පුරවා තැබීමට සමත් වී තිබේ


  2. says:

    ළඟකදී සිට කියවන සෑම පොතක් ගැනම කෙටිසටහනක් තියන්න පුරුදු වෙලා හිටියත් අටවක පුත්තු ගැන ඊට වැඩි දෙයක් ලියන්න හිතුනා ප්‍රධාන හේතුව රස විඳිය හැකි මට්ටමක සිංහල නවකතාවක් කියවූයේ බොහෝ කාලයකට පසුවීමයි දෙවැන්න පොත ගැන මගේම අදහස තරමක් සවිස්තරාත්මකව විමසා බලන්නට ආ සිතුවිල්ලයි කියවන අතර නිරන්තරයෙන් හිතන්නට යමක් හමු වන කියවූ පසු හිතේ ඉතිරි වන චරිත ඇති නවතාවයක් දැනෙන ආකෘතියකට පෙලගැස්වූ කතාවක් තරමක් දිග කෘතියක් වුණත් මුල සිට අගටම ලිවීමේ පරිපූර්ණ බවක් හොඳ නිමාවක් වන බවක් පෙනේප්‍රධාන චරිතය වන දමයන්තගේ ළමා විය අපූර්වත්වයකින් යුතුව කල්පිත නිවුන්නාගේද උදව් ඇතිව ගෙනහැර පා ගොඩනගන පාදමෙන් අනතුරුව පොතේ දෙවනි කොටසට පසුබිම් වන්නේ මෑත ඉතිහාසයේ ලංකාවෙ අඳුරුම කාල වකවානුව වූ 85 90 කාලයයි කතෘගේ පුළුල් දෘශ්ඨි කෝණය සහ ප්‍රශ්නයේ මූලයන් මඟ නොහැර ඒ තුලට ඇතුළු වී විමසා බැලීම නිසා මේ යුගය පදනම් වූ වෙන කිසිම පොතක නාට්‍යයක හෝ චිත්‍රපටියක මා නුදුටු මට්ටමකින් යථාර්තය ඉස්මතු වේ ඉතා සමීපව හා ගැඹුරුව ඉදිරිපත් වන එකම චරිතය දමයන්ත පමනක් වුවත් නන්ද යම් තරමකට සෙසු චරිත අඩු වැඩි වශයෙන් නොයෙක් සමාජ කොටස් තුලට විවේචනාත්මකව එබී බැලීමට යොදගෙන ඇත කල්පිත සහ ඇත්ත අතර වෙනස එතරම් වැදගත් ලෙස නොදැනෙන ළමා වියට අඩහඳයාගේ සංයෝජනය හොඳ ගැලපීමක් ලෙසත් අනෝමාගේ මරණයෙන් යථාර්තයට තල්ලු වෙන දමයන්තගෙන් අඩහඳයා අතුරුදන් වීමත් කතාවට උචිත ලෙස යෙදී ඇති බව සිතුනි ආත්ම විශ්වාශයෙන් හා පෞරුෂයෙන් අඩු දමයන්ත එම අඩුව පිරවීමට හැකි අඩහඳයා ඇත්තක් සේ සිතීමට කැමතිය තාර්කික බුද්ධියට හසු වන මිනිස් ස්වභාවයන් විචාරාත්මකව පාඨකයාට ගෙනහැර පා ඇති සේම තාර්කික බුද්ධියට හසු නොවන එහෙත් මින්ස් ස්වභාවය හඳුනා ගැනීමේදී අමතක කල නොහැකිම සංවේදීතාව හා හැඟීම්ද කතෘ හට මඟහැරී නැතවිචාර බුද්ධිය පසෙක ලා පුද්ගලයින්ගේ හීනමානය හා අනාරක්ෂිත හැඟීම නිසා සමාජය අපි හා උඹලා ලෙස පුළුල් කුලක දෙකට බෙදා තමාගේ අනන්‍යතාවය නැති කර ගන්නා සේම උඹ ඇතුලේ ඉන්නා පුද්ගලයාද මඟ හැරෙන බව කතෘ පෙන්වයි අවසානයේ ඉතා සුළුවෙන් කෙරෙන නන්ද සහ ඒකනායක සන්සන්දනය තමාගේ රාමුවේ සිට තවෙකෙකු විනිශ්චය කිරීමේ අනුචිත බව හොඳින් පෙන්වයිකෙසේ වෙතත් දමයන්තගේ විශාලම වෙනස් වීම වූ අලයාගෙන් විප්ලව කාරයාට මාරු වීමේදී කතාවේ ගලා යෑම ගිලිහුනා සේය බාහිර සිද්ධි තුල මේ දෙක අතර දෝලනය වීම මිස ඔහුගේ අභ්යන්තර ඝට්ඨනය පාඨකයාට හසු වන්නේ අඩුවෙනි නයනි පරමාදර්ශී චරිතයකට ඉතා කිට්ටු කොට ගොඩ නංවා ඇතත් ඇගෙ චරිතය දෙස මතුපිටින් මිස සමීපව බලා නැත තවද රවී වජිරා වැන්නවුන් සමඟ කෙරෙන කේන්ද්‍රගත සංවාද ඔස්සේ මිනිස් ස්වභාව එලි දැක්වීම අවම කොට කතාවේ සිද්ධි සමුදායේ ගලායාම තුලින්ම එම කාර්‍ය සිදු වූයේනම් අති සාර්ථකයබොහෝ විට කතා නායකයින් කිසිදා සමාජයේ හමු වී නැති ගුණ නැණ බෙලෙන් යුතු පුන් සඳ වන් පුතුන්ම වන අතරේ සැබෑ ලෝකයේ අපට සමීප අටවක පුත්තු ගැන කතා කිරීමට ගත් උත්සාහය අගයමි


  3. says:

    A different experience When I begging to read the story It didnt click much But after reading few pages I couldn't wait till finish reading the book I managed to find some characters have few to discover To Mr Liyanage Amarakeerthi please edit typing mistakes when you print the next edition by the way a very good book


  4. says:

    This is one of the fantastic book I ever read about the over time of the sri lankaStill am thinking is this a novel or a political book or kind a documentory or wht?Yes this is what exactly in the back of the cover page of the book b4 i read it this came to ma mind